ජන්ද කාඩ් ගෙන්ගෙට බෙදීමත් අවසන්

පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ඊයේ (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 17 දා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම ආරම්භ කළ බවත් සදහන් කරන නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා ඊයේ (29) වනවිට නිල ජන්ද දැන්වීම් පත්‍රිකා සියයට 93 කට වඩා ජන්දදායකයින්ට බෙදා ඇති බවත් සදහන් කළේය.

නිවෙස් වෙත බෙදීමේ කාලය තුළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට මැයි 6 දා පස්වරු 4.00 දක්වා තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගැනීමට හැකි බවත් නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *