විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය බිහි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර එහි මූලික කටයුතු අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි ද එමඟින් මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් සමඟ ජාත්‍යන්තරය පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ 2022 වසර වන විට ආදායම රුපියල් මිලියන 9,268ක් වන අතර 2023 වසරේ රුපියල් මිලියන 13,616ක් දක්වා අදායම් ලැබීමට හැකියාව ලැබුණ බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.