LK reports news sinhala

ජනපති සටනේ ආරක්ෂාව ගැන පොලිස් ලොක්කන්ට උපදෙස්

ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්  මැතිවරණ කොමිෂන් සභාව පොලිස් ප්‍රධානීන් කැඳවා ඊයේ (2) උපදෙස් මාලාවක් දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා පොලිස් මූලස්ථානයේ පරිපාලන කටයුතු භාර (වැඩබලන)ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ  පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කැඳවනු ලැබ සිටියහ.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ කොළඹ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා අවශ්‍ය සහායඋපරිම ලෙස දෙන ලෙස  මෙහිදී  එම පොලිස් ප්‍රධානීන්ට දැනුම් දුන් බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා  කෙරිණ.

මේ අතර  මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්,  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ  සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්  හෙට (3) කොළඹට කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *