ජනපති – පක්ෂ නායක හමුවක්

ඇමරිකාවේ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ පැවැත්වේ.

අදාල තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අවශ්‍ය යැයි ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පක්ෂ නායක හමුව කැඳවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව මෙම විශේෂ පක්ෂ නායක හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 11ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයන් ඇතුළු සියලු පක්ෂ නායකයන් මෙම හමුවට පැමිණීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *