ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය.

ඒ උදෑසන 08.25ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙනි.

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 10 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතුවේය.

ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *