වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
පෙරහර සංස්කෘතික මංගල්‍යයට නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නරඹන ජනතාවට නවමු අත්දැකීමක් එක් කිරීමට මෙවර ගංගාරාම විහාරස්ථානය කටයුතු කිරීම අගය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.