ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට

ජනාධිපති කාර්යාලයේ  භාවිතයෙන්  ඉවත් කර ඇති සුඛෝපභෝගී  වාහන තවත් විසි හතක් විකිණීමට  මිල ගණන් කැඳවා ඇත.

එම වාහන අතර බී.එම් ඩබ්ලිව්  මෝටර් රථ දෙකක්ද  ෆෝර්ඩ් එවරස්ට් වර්ගයේ ජීප් රථ දෙකක්ද  මිට්සුබිසි මොන්ටෙරෝ රථයක්ද  නිශාන් වර්ගයේ මෝටර් රථ පහක් සහ   වී 8 රථ හයක්ද වෙතියි එම කාර්යාලය පවසයි.

ජනාධිපති කාර්යාලයේ වාහන පහළොවක් මීට පෙරද වෙන්දේසි කෙරිණ.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගකීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වාහන මෙසේ විකිණීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *