ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයෙන් මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වේ.
ජනාධිපතිවරයා “හවුල් සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 20 වැනි දින ඉහළ පෙළේ සංසදයේදී ප්‍රකාශයක් සිදු කරනු ඇති අතර, ජනාධිපති විඩෝඩෝ සහ තවත් ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට සහභාගී වෙයි.