එළඹෙන ජනපතිවරණ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමද එම කමිටුවට පැවරෙන්නේය.
එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමටත් එම කැබිනට් සංදේශයෙන් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.