ජනාධිපතිවරණය නතර කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා මෙම අයැදුම්පත ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාගෙන් හෝ ඔහුගේ නීති නියෝජිතයන්ගෙන් උපදෙස් ලබාගෙන නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් අධිකරණය තීරණය කරන තුරු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ගොනු කෙරුණා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඒ පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් යන මතයේ ජනාධිපති වික්‍රමසිංහ මහතා දැඩිව සිටින බවත්, 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගැනීම නිවැරදි බවත් ඔවුහු පැවසූහ.