ජනපතිවරණයේදී අත්හදා බැලීමක් කර ඉල්ලන් කනවාදැයි තීරණය ජනතාව අතේ

රටේ ආර්ථිකය කඩන් වැටී ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවේ තවත් අත්හදා බැලීම් කිරීමට ගොස් ඉල්ලන් කනවා දැයි ජනතාව තීරණය කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වැල් පාලමෙන් එගොඩ විය හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් පමණක් බවයි.

එය ඉදිරියට ගෙනයාමට අලුත් අයෙකු අවශ්‍ය නැති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත ජනාධිපති කිරීමෙන් පවතින තත්ත්වය ඉදිරියට ගෙනගොස් රට ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා කියයි.

සමගි ජන බලවේගයේ මෙන්ම ජාතික ජන බලවේගයේ නායකයන්ද ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක්කේ වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව වක්‍රව පිළිගෙන ඇති බවත් රට හමුවේ පවතින්නේ අත්හදා බැලීමකට සුදුසු තත්ත්වයක් නොවන නිසා රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කිරීම හැර වෙනත් විකල්පයක් රටට නැති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ  පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *