නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා අතර පැවති නිල හමුවෙන් අවනතුරුව නායක දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වූහ.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සතුට පළ කරමින් මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද අදහස් පළ කළ අතර අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේ ද කීය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මේ මගේ පළමු විදේශ සංචාරයයි.මා හට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් බෙහෙවින් සතුටට පත් වෙනවා.
ලාංකික ජනතාව පැහැදිලිව සිය ජන මතය ඉදිරිපත් කර තිබෙන පසුබිමක තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සවිබල ගැන්වීම සහ රට සෞභාග්‍යවත් කිරීම සඳහා ලැබුණු ජනවරමක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.
නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය අප විසින් සිදු කරනවා.