’ජනතාවට බරක් නොවි සුපිරි නිවාසවලින් යන්න’

රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි නිවෙස් වලින් යන්නැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ගේ ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මන්දිරය වෙනුවෙන් පෙනී සිටින අයට වගේම ඒ නිවසේ සිටින අයටද ලැජ්ජාවක් නැති බව පැවසු අමාත්‍යවරයා උස මහත දරුවන් තිදෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා රැක බලා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.

නාවික හමුදාවේ දරුවකු සේම හඳට රොකට් යවන දරුවකුද සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවස තවමත් තක්සේරු කර නොමැති බවත් ලන්ඩන් ගොස් පැමිණි පසු ඊට අවස්ථාව දෙන බව ඇය ප්‍රකාශ කර ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *