“ජනතාවට ඇහුම්කන් දෙන්න රජය සූදානම්”

සියලු පුරවැසියන් සාමයෙන්,  සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම්  මැණික් ෆාම් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ කීවාය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක්  පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇති පාර්ලිමේන්තුව මෙය වන අතර මීට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ටම මන්ත්‍රීවරියන් සියයට 5 කටත් වඩා අඩු පිරිසක් සිටි බවත් ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 52 ක්ම කාන්තාවන් වීම නිසා රටේ ආර්ථිකය රැකගන්න, පවුල් සංස්ථාව පවත්වාගෙන යන, සමාජය පවත්වාගෙන යන්න විශාල වැඩකොටසක් කළත් කාන්තාවන්ට පැවති නියෝජනය ඉතාමත් අඩු බවත් ඉතින් ඊලඟ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් සහෝදර මන්ත්‍රීවරු පමණක් නොව මන්ත්‍රී සහෝදරියන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු එවන්න ලෙස ඉල්ලා සි්ටින බවත් ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *