ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල්පති පී. සරත්කුමාර මහතා පැවසීය.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්රිකාලක්ෂ 87 ක් පමණ බෙදා අවසන් කර ඇති බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.
තවත් ඡන්ද පත්‍රීකා ලක්ෂ 80 ක් පමණ බෙදා හැරිමට ඇති බවත් ඒවා ලබන 14 වැනිදා වනවිට තැපැල්කරුවන් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.
ලබන 14 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් වෙතොත් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි බවත් තැපැල්පතිවරයා තවදුරටත් සඳහන් කළේය.