සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලයේදී ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ඔහු උපදෙස් ලබා දුන්නේය.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දුන්නේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල ප්‍රධානීහූද මෙම කාරක සභා රැස්වීමට කැඳවනු ලැබ සිටිය සිටියහ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
එසේම පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතළ තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත් එම කාලයේදී ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකිවූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.