Cop at sentry near GR’s Mirihana residence arrested for shooting attempt on fellow cop

ඡන්දපොළේ කලබල කළොත් වෙඩි

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ  මැතිවරණ  කටයුතු කඩාකප්පල්  කරන පුද්ගලයන්ට සහ මැර  කණ්ඩායම් පාලනයට  වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන්  සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම එවැනි කලබල කරන පිරිස් වහාම  අත්අඩංගුවට  ගැනීමටද  මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර  රට පුරා   අනවසර ගිනිඅවි සහ  පාතාල කල්ලි   අත්අඩංගුවට ගැනීමට  විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි සඳහන් කළේය.

විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ  පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වේ.

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට  ඡන්ද දායකයන් ලක්ෂ දහයක පමණ පිරිසක්   අලුතින් එකතු වී සිටින බව  කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *