මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ඊයේ(28) පැමිණියේය.
අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පිළිගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහත්වරු සහභාගී වූහ.
මෙම නිල සංචාරයේදී වැන්ග් වෙන්ටාඕ මහතා මැයි 29 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආර්ථික සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ 8 වන සැසිවාරයට සහ මැයි 30 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආයෝජන සහ ව්‍යාපාරික සංසදයටද සහභාගී වීමට නියමිතය.