චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ.
චීන සිව් දින සංචාරය පිළිබඳව චීන- ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායකත්වයට ඇරැයුම් කර ඇත.
කරුණු 21කින් යුක්තව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.