කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන්ගෙන සිටි චීන ජාතිකයකු හදිසියේ මියගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
ලෝක ප්‍රකට දුරකතන සමාගමන විධායක නිලධාරියකු වූ මෙම චීන ජාතිකයා වයස අවුරුදු 46 ක පමණ අයකු බව ද පොලිසිය කියයි.
පොලිසිය දැනට සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය කරගෙන ඇත්තේ මෙම චීන ජාතිකයා බිම ඇදවැටීම හේතුවෙන් මියගොස් ඇති බවය.
මැද කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.