පසුගිය 2019-2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේ දී ය. රජයෙන් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ දෙනු ලබන පෙළපොත් ඉදිරි 2025 වර්ෂයේ දීත් නිසි කලට අඛණ්ඩ ව ලබා දීමේ අරමුණින් එම ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් බෙදා හැරීමේ කටයුතු අද දිනමෙසේ ඇරඹුණ බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී කියා සිටියේ ය.
උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ ශේණි ශිෂ්‍යත්ව විභාග උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ගේ දීමනා සියල්ල ද වැඩි කර ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා ලබන සැප්තැම්බර් මාසය වන විට පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කී ය. එසේ ම 2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද වේලාසන පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් හෙතෙම පැවසී ය.