චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වයක් ශ්‍රී ලංකාවටත් ?

පාකිස්තානයේදී එළඹෙන 2025 වර්ෂයේදී පැවැත්වෙන චැම්පියස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඉඩක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ඉන්දු-පාකිස්තාන තරගයේ සත්කාරක රාජ්‍යය ලෙසයි. පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වීමට පාකිස්තානයට නොපැමිණෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟින් මෙම අවශ්‍යතාවය මතු වී ඇත.

එසේ වුවහොත් මෙම ඉන්දු – පාකිස්තාන තරගය ඩුබායි රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිළිබඳ ඉදිරි තීරණයක් ගන්නා බව ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා ඇත. තරගාවලිය එළඹෙන වසරේ (2025) පෙබරවාරි 19වැනිදා සිට මාර්තු 01වනදා දක්වා පැවැත්වේ. එහි ඉන්දු – පාකිස්තාන තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මාර්තු 01වැනිදා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදීය.

කෙසේ වෙතත් මෙම තරගාවලියට සුදුසුකම් ලැබීම පසුගිය වසරේදී ඉන්දියාවේදී පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව සිදුකෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් නොලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *