චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කැමිලාට විශේෂ කිරුළක්

චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පලඳින අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන කැමිලාට විශේෂ කිරුළක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

එය එලිසබත් රැජිනගේ මවට අයත් මිල කළ නොහැකි කිරුළක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සුප්‍රකට කොහිනූර් දියමන්තිය සමග තවත් වටිනා දියමන්ති 2,800ක් අල්ලා තැනූ එය සාදවා ඇත්තේ හයවැනි ජෝර්ජ් රජුගේ කිරුළු පැලඳවීමේ උත්සවය සඳහාය.

චාර්ල්ස් රජ වූ පසු කැමිලා රැජිනක් ලෙස හැඳින්විය යුතු බවත් එලිසබත් රැජින ඊයේ නිවේදනය කළේය.

එලිසබත් රැජිනගෙන් පසු කිරුළ හිමිවන්නේ ඇගේ වැඩිමල් පුත්‍රයා වන චාර්ල්ස් කුමරුටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *