2018 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට දණින් වැටී වැඳ පුදා ගත් බව කියන බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ඉල්ලා අස්කර ගත්තා.
බදුල්ල සමථ මණ්ඩලයේදී පාර්ශවයන් සමථයකට පත් වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මෙම පෙත්සම මගින් වින්දිත විදුහල්පතිනිය ඉල්ලා සිටියේ තම මූලික අයිතිවාසිකම් එවකට ප්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසයි.
වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකු පෙත්සම්කාර බවනි රගුනාත් විසින් සඳහන් කර ඇත.