ඝාතන කොන්ත්‍රාත්තුවක් ගැන පරීක්ෂණ

ත්‍රිකුණාමලය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව එම නඩුවේ විත්තිකාරිනිය විසින් නඩුවේ පැමිණිකරු ඝාතනය කිරීම් සඳහා රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පුල්මුඩේ පොලිසිය කියයි .

මෙම ඉඩම් නඩුවේ පැමිණිලිකරු වන පුල්මුඩේ, නුරානියා නගර්, පදිංචි ජෙයිනුලාබ්දීන්  බුහාරී යන අය මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව පුල්මුඩේ පොලිසිය මෙසේ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

විත්තිකාර කාන්තාව තමන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඝාතනය කිරීමෙන් පසු අදාළ ලක්ෂ පනහක මුදල ලබාදීමට කොන්ත්‍රාත්තුව පැවරූ පුද්ගලයා තමන්ගේ මිතුරෙක් වන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මිතුරා තමාට මෙම හෙළිදරව්ව කල බව බුහාරි නැමැති අය කල පොලිසියට කල පැමිණිල්ලේ සඳහන්වේ .

මෙම ඉඩම් නඩුව ලබන විසිවෙනිදා ත්‍රිකුණාමල දිසා අධිකරණයේ විභාගවීමට නියමිතය. පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *