ගෝඨාභය

ගෝඨාභය රාජපක්ෂ සීඅයිඩි.යට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(17)වන දා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඊයේ(17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දුන්  දැනුම්දීමක් මත මෙසේ පැමිණ ඇත.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන් ය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *