ගොවීන්ට – ධීවරයන්ට ජනපතිගෙන් සහනයක්

ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමටට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.

ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි වනු ඇත.

මෙම ගොවි සහ ධීවර සහනාධාර මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *