ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවයේ නියුතු කේ.ජී. සන්ධ්‍යා කුමුදිනී මහත්මිය 2025-06-02 දින සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එදින සිට පුරප්පාඩු වන එකී තනතුර සඳහා දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණික) තනතුරේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ සේවයේ නිලධාරිනි ඩබ්ලිව්. ආර්. එන්. ආර්. ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඩබ්ලිව්. ආර්. එන්. ආර්.ප්‍රේම චන්ද්‍ර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.