ගෙදර රණ්ඩු කළොත් දෙන දඬුවම් වැඩි කරයි

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2023-6-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එහෙත් එම සංශෝධන මගින් පනතේ වගන්ති වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කිරීමට සිදුවන බැවින් පොදු මහජනතාවගේ පහසු අවබෝධය සඳහා දැනට බලාත්මක පනත පණිච්ඡින්න කර අදාල සියලු සංශෝධන ඇතුළත් කරමින් එම පනතේ වත්මන් නාමය යටතේම නව පනතක් පැනවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇතැයි  රජය කියයි.

ඒ අනුව කටයුතු කිරීමට හැකිවන පරිදි නව පනතක් කෙටුම්පත් කරන ලෙස නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් වීම පිණිස කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ  යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *