ගුවන් යානයේ කළු පෙට්ටි දෙකම හමුවෙලා

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, අහමදාබාද් නුවරදී අනතුරට පත්වුණු එයාර් ඉන්දියා මගී ගුවන් යානයේ, කළු පෙට්ටියට අයත්, නියමු කුටියේ නියමුවන්ගේ කතාබහ පටිගත කෙරෙන උපාංගය හෙවත් නියමු කුටියේ හඬ රෙකෝඩරය (Cockpit Voice Recorder – CVR) මේ වනවිට සොයාගෙන ඇත.

අනතුර සිදුවන්න පෙර, අවසන් මොහොතේ යානයේ නියමුවන් අතරේත් පාලන මැදිරිය අතරේත් සිදුවූ කතාබහ මෙම උපාංගයේ පටිගත වී ඇත.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242 දෙනකු රැගත් එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානය, ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී අනතුරට පත්වූයේ පසුගිය සතියේය.

ගුවන් යානයක කළු පෙට්ටිය යනුවෙන් හැඳින්වෙන්නේ උපාංග දෙකකි. පියාසැරි දත්ත රෙකෝඩරය (Flight Data Recorder – FDR) සහ කොක්පිට් හෙවත් නියමු කුටියේ හඬ රෙකෝඩරය (Cockpit Voice Recorder – CVR) යනු එම උපාංග දෙය.

මේ වනවිට පියාසැරි දත්ත රෙකෝඩරය (Flight Data Recorder – FDR) ද අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන නිලධාරීන්ට හමුවී ඇත. හැකි ඉක්මනින් අනතුරට හේතුව කුමක්දැයි හෙලි කළ හැකි වේවි යැයි විමර්ශන නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *