ගුරු බඳවා ගැනීම් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්

ශික්ෂණලාභී ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින  ක්‍රමවේදයට අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරිය කීවාය.

විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“සේවයේ සිටින ගුරුවරු විශ්‍රාම යාම නිසා පාසල් පද්ධතියේ පවතින ගුරු පුරප්පාඩු, දුෂ්කර ප්‍රදේශ වල පවතින විෂය විවිධත්වය යන කරුණු සියල්ල සලකා බලනවා. විෂය මට්ටමින් ගුරු පුරප්පාඩු ගණනය කර විද්‍යාපීඨ  මට්ටමින් එකවර බඳවා ගැනීමට  පවතින පහසුකම්ද සලකා බලා ශික්ෂණලාභීන් බඳවා ගැනීම තීරණය කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *