ගුරු දෙවිවරුනේ හෙට ඉදන් වැඩට එන්න

සුවහසක් දරුවන් වෙනුවෙන් හෙටදිනයේ සිට ගුරු දෙවිවරු ලෙස සලකන සියලුම ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන් කාරුණිකව සේවයට වර්ථා කරන ලෙස වැඩබලන අධ්‍යපන අමාත්‍යවරයා වහයෙන් ආචාර්යය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියි. පවතින ගුරු වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘති සාකච්ඡාවකට එක්වෙමින් ඒ්මහතා ඊයේ ( 27) රජයේ ප්‍රවෘති දෙපාර්ථමේන්තුවේදී මෙසේ ඉල්ලා සිටින ලදී.

ජාත්‍යන්තර පාසල් හා අනෙකුත් පුද්ගලික පාසල්වල දරුවන් කිසිදු ගුරු වර්ජනයකින් තොරව අඛණ්ඩව අධ්‍යපන ලබාදීමේ ක්‍රයාවලිය සිදුවන නමුදු ආන්ඩුවට බදුගෙවන දුප්පත් ජනතාවගේ දරුවන්ට අද එම තත්වය අහිමිවී ඇතිබවත් ඒ්මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් වැටුප් ගෙවන විට වැටුප් ගෙවීම පිලිබද ආණ්ඩුවට  කලහැකි උපරිමය ගුරුවරුන් සඳහා කර ඇති බවත් ඒ් මහතා මෙම අවස්ථාවේදී ප්‍රකාශකර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *