ගුරුවරු අකුර‍ට වැඩ

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් අද (23) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් අද සිට ඉගැන්වීම්ක්‍රියාවලියෙන් බාහිර කිසිදු කටයුත්තක නොයෙදෙන බව ද ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් එම කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සමග හෝ පළාත් අධ්‍යාපන කාර්යාල සමඟ හෝ කටයුතු කරන සියලු වට්ස් ඇප් සමූහවලින් ඉවත්ව සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *