ගුරු විදුහල්පති සංගම් අද (25) දිවයින පුරා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව ශ්‍රී ලංකාවේ මහජනතාවගේ විරෝධතාවලට සහය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
“බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිවීම අපේ අධ්‍යාපන ක්ෂේත්රයට බලපා තිබෙනවා, අද සංකේත වැඩවර්ජනයෙන් පසු අපි 28 වැනිදායින් පසු දීර්ඝ වැඩවර්ජනයක් පැවැත්වීම ගැන තීරණය කරනවා” ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.