සිසුන්ගේ ප්‍රවාහන ගැටලු මඟහරවා ගැනීම සඳහා ළඟම ඇති පාසලට සිසුන් ඇතුළත් කර ගුරුවරුන් බඳවා ගන්නා ලෙස කළ ඉල්ලීම පිළිබඳව සොයා බැලීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය.
දිනෙන් දින ඉහළ යන ප්‍රවාහන වියදම් සහ අනෙකුත් බාධා සලකා බලා ළඟම ඇති පාසල්වලට පත්වීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ගුරු විදුහල්පති සංගම් කිහිපයකින් ඉල්ලීමක් කළ බවද ඒ මහතා කීය.
ඉදිරියේදී ක්‍රමානුකූල සැලැස්මක් ඉදිරිපත් කරන බව ඔහු පැවසීය. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ඉල්ලීම තමන් පෞද්ගලිකව පිළිගන්නා බවයි.
“රටේ පාසල් 10,155 ක් පමණ ක්‍රියාත්මක වේ. දරුවන් දෙදෙනෙකු සහ ගුරුවරුන් පස් දෙනෙකු පමණක් සිටින පාසල් දෙකක් රට තුළ තිබේ. පාසල්වලින් 51% ක් සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් වේ. පාසල්වලින් 78% ක් සිසුන් 500 ට අඩු ප්‍රමාණයක් සහ පාසල්වලින් 92%ක සිසුන් 1000ට අඩු සංඛ්‍යාවක් සිටින අතර පාසල් 1462ක සිටින්නේ සිසුන් 50කට අඩු සංඛ්‍යාවක් බවත් ඔහු පැවසීය.
සිසුන් 100ට අඩු පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක් ඇත. එම නිසා පාසල්වලට පැමිණෙන දරුවන්ගේ ගැටලු නිරාකරණය කර ගත යුතු බවත්, එවිට ගුරුවරුන් සමඟ ප්‍රවාහන ගැටලු පිළිබඳව සොයා බැලිය හැකි බවත් මහාචාර්ය පෙරේරා මහතා පැවසීය.