ගෑස් හිඟයේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලින වෙයි…

නෞකාවකින් දියර පෙට්‍රෝලියම් (LP) ගෑස් ගොඩබෑම අද පෙරවරුවේ ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති නෞකාවකින් LP ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් ගොඩ බාමින් පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසීය.

නෞකාවේ සිට කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් ගබඩා පර්යන්තයට එල්පී ගෑස් ගොඩ බාමින් පවතින බව එම නිලධාරියා පැවසීය.

අද පෙරවරු 07 සිට ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව සඳහන් කළ ඒ මහතා පැවසුවේ අද පස්වරුව වන විට පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෑස් තොග ලබාදීමට සමාගමට හැකි වූ බවයි.

මූලික වශයෙන් රෝහල් වැනි අත්‍යාවශ්‍ය අංශවලට ගෑස් බෙදාහරින බව අනාවරණය කළ එම නිලධාරියා ප්‍රථමයෙන් බස්නාහිර පළාත ආවරණය වන පරිදි බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.

නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් පමණක් අඩංගු වන අතර ශ්‍රී ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1100කි.

ඒ අනුව දැනට පවතින ඉන්ධන තොගය ඉදිරි දින 3 සඳහා පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *