ගැරඩිඇල්ලේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියට නඩු

කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාලව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව ගැරඩිඇල්ල මාරක රිය අනතුරේ විමර්ශන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ ඊයේ (11) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා විසින් එම අනතුර සම්බන්ධ කමිටු වාර්තාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට බාර දුන්නේය.

එම කමිටු වාර්තාවට අනුව එම අනතුර සිදුවූ ස්ථානයේ යකඩ වැටක්, කොන්ක්‍රීට් ආධාරක කණු, විදුලි බල්බ, මාර්ග ගැටිති හෝ ඊතල මාර්ගෝපදේශක සලකුණු කිසිවක් නොතිබුණු බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

එමෙන්ම බස් රථය පැය දහතුනහ මාරක පමණ දීර්ඝ ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට නියමිත පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් අවසරයක් ලබාගෙන නොමැති බවත් එබැවින් එම බස් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස ගමනා ගමන කොමිෂන් සභාවට සහ කතරගම ඩිපෝ අධිකාරීයට නඩු පැවැරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *