ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවත් කිරීමට අනුමැතිය

ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් හෙම්වගේ මහතා කීවේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය නලින් හේවගේ මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (27දා) මෙම රැස්වීම පැවැත්විණි.

කොටුවේ ඇති සියලු රජයේ කාර්යාල එම කොටුවෙන් ඉවත් කර ගාල්ල කොටුව සංචාරකයන්ගේ ආකර්ෂණය සඳහා සුදුසු ආයෝජන වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගාල්ල නගරයේ විශාල නාවික කඳවුරක් පිහිටා තිබීම, මූලස්ථාන පොලීසියක් පිහිටා තිබීම යන කරුණු හේතුවෙන් හමුදා කඳවුරක් ගාල්ල කොටුවට අනවශ්‍ය බවත්, එය හමුදා මුරපොළක් දක්වා කුඩා කර කඳවුර ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇති බැවින් කොටුවේ ආයෝජන සැලැස්ම ක්‍රියාත්ක කළ හැකි බවද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *