ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයක නව සභාපති හා උප සභාපතිවරුන් පත් කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයක සභාපතිවරු හා උප සභාපතිවරුන්ගේ නාම ලේඛන ගැසට් පත්‍රයක් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පළාත් පාලන ආයතන දහයේම මන්ත්‍රිධුර සංඛ්‍යාවෙන් සියයට පනහකට වඩා වැඩි මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය විසින් දිනාගෙන තිබීම විශේෂත්වයකි. එම ජයග්‍රහණය හේතුවෙන් මෙම පළාත් පාලන ආයතන දහයේ සභාපතිවරු හා උපසභාපතිවරු නම් කිරීමට ජාතික ජනබලවේගයට අවස්ථාව හිමි වී තිබේ.

ඒ අනුව බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා ඉතිහාසයේ පළමු වතාවට සභාපතිධුරය සඳහා කාන්තාවක් පත්කොට තිබීම ද සුවිශේෂී සිදුවීමකි. අංකොක්කාවල ලියනගේ ලලනි ජයමිණි මහත්මිය එම සභාවේ සභාපතිධුරයට පත්කොට ඇත. එම සභාවේ උප සභාපති ධුරයට පත්ව ඇත්තේ වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වන විරසිංහ පතිරණගේ ඉදුනිල් තරංග විරසිංහ මහතාය.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිධුරයට ගොඩහේවා අසේල ප්‍රසන්න මහතා පත් කර ඇති අතර, උපසභාපතිධුරයට සන්ද්‍රාමරක්කල සරත්චන්ද්‍ර ද සිල්වා මහතා පත්කර ඇත.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය සඳහා ගාමිණී කළුආරච්චි මහතා පත්කොට තිබෙන අතර

උපසභාපතිධුරය හිමිව ඇත්තේ කෙවිටියාගලගේ ජනක චන්ද්‍රකුමාර මහතාටය.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මහිල් රංගජීව මුණසිංහ මහතා පත් කර ඇති අතර, උප සභාපතිධුරය සඳහා රණසිංහ හෙට්ටිආරච්චිලාගේ සමන් කුමාර රණසිංහ මහතා පත්කොට ඇත.

තවලම ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයට පත්ව ඇත්තේ සංචිහාමිලාගේ දේශාන් මදුසංක මහතාය. උප සභාපතිධුරය සඳහා වික්‍රමණායක කරුණාරත්න ගාමිණී කරුණාරත්න මහතා පත්කොට ඇත.

නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මාකන්දවත්තේ ලේකම්ලාගේ සිදත් කුමාර මහතා පත් කර ඇති අතර,

උප සභාපතිවරයා ලෙස සුමිත් ප්‍රියදර්ශන වැන්දබෝනා මහතා පත්කර ඇත.

මෙම පත්වීම් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන අතර, විශේෂයෙන් කාන්තා නායකත්වය සඳහා ලැබී ඇති පිළිගැනීම ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ජාතික ජනබලවේගය විසින් දිස්ත්‍රික්කය පුරා ලබාගත් ජයග්‍රහණය ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලන බලය තවදුරටත් තහවුරු කරන සාධකයක් බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *