ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීමට කමිටුවක්

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ(16) කොළඹ පැවති සමුළුවක දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව පැවසීය.

දෙදිනක් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ එම සමුළුවේ දී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහි දී තීරණය වී ඇත්තේ, ග්‍රාම නිලධාරීන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තිරණය කළ යුතු බවයි.

දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබිණි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *