ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක අද ( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිට කෝට්ටේපිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ බව කී ගම්මන්පිල මහතාා එහිදී මෙසේද කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳජනාධිපතිවරයා විසින්ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මා ඔහුට ලබා දී තිබූ කාලය හෙට උදෑසන දහයෙන් අවසන් වෙනවා.

ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලබා දී තිබෙන වගකීම ඉටු කිරීමට හැකියි ඒ මගින් ඔහුට එරෙහිව ඉදිරිපත්විය හැකි දෝෂාභියෝගයේ අවදානම මගහැර ගැනීමට පුළුවන්.

නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් හෙට උදෑසන දහය වන විට එම වාර්තා ලබාදීම පැහැර හැරියොත් මා ඒ වාර්තා ඉදිරිපත් කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මාව වසර 14ක් සිරගත කිරිමට තිබෙන අවදානම ගැන අප ගැඹුරින් අධ්‍යයනය කරනවා.ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන්අපේ අවදානම ගන්න සූදානම්.

පාකිස්තානයේ ඉමිරාන්ඛාන් සිරගත වී සිටිමින් ඒ අයි තාක්ෂණය ඔස්සේ කටයුතු කර ආකාරයට අපත් සිරගෙදර සිටියත් නවීන තාක්ෂණය භාවිතා කර මෙම වාර්තා එළි දැක්වීමට විධිවිධාන සලස්වා තිබෙනවා යැය් ඒමහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *