ගම්මන්පිලගෙන් සී.අයි.ඩීය. පැය 3ක් ප්‍රශ්න කරයි

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ ඊයේ(9) පෙරවරු 10.00 ට පමණ පෙනී සිටි ගම්මන්පිල මහතා සවස 1.00 ට පමණ ඉන් පිටව ගියේය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා කියා සිටියේ බහාලුම් 323 හි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන අතර මේවන විට සිද්ධීන් 6 ක් ප්‍රසිද්ධ කර ඇති බවත් ඒවා මෙතෙක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ය.

වචනයක් වැරදුණු විට අප අල්ලා ඇතුළට දාන්න ආණ්ඩුව උත්සාහ කරන බවත් ඒ සෙල්ලම් අපත් සමග බැරි බවත් කී ගම්මන්පිල මහතා මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් රටින් පැනයාමේ උත්සාහයක් පවතින අතර ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් පැවැසීය.

මෙම බහාලුම් 323 සම්බන්ධයෙන් පැමිණිලි මීට මාස 4 කට පමණ පෙර පොලිසියට ඉදිරිපත් කර මුත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් ගෙනැවිත් ප්‍රශ්න නොකර ප්‍රශ්නය ගැන කතා කරන අයගෙන් ප්‍රශ්න කරන බවද කී ගම්මන්පිල මහතා කියා සිටියේ අපේ කටවල් වහන එක ආණ්ඩුවට ලෙහෙසි නොවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *