ගම්පහ මල්වතුහිරිපිටියේදී හිමිනමක ඝාතනය වේ

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පලාගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ හිමි නම රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වූ බව පොලිසිය සඳහන් කරයි. මෙම වෙඩි තැබීම මෙය කුමන හේතුවක් මත සිදුවූයේද යන්න පිළිබදව පොලිසිය මේවන විට පරීක්ෂණ පවත්වමින් සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *