ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිළිඳුකම පිටු දැකීම පිණිස රාජ්‍ය, පෞද්ගලික හා මහජන මැදිහත්වීම සම්බන්ධීකරණය සඳහා වන වැඩපිළිවෙලක් වශයෙන් ” ග්‍රාම ශක්ති වැඩසටහන ” ක්‍රියාත්මක කිරීම සඳහා 2017-03-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා “ග්‍රාම ශක්ති කාර්යාංශය ” ස්ථාපිත කර තිබේ.

2021 – 02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම කාර්යාංශය ” සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය” වශයෙන් නම් කිරීමට තීරණය කරනු ලැබ ඇත.

” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ජාතික ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය හා සමගාමීව, ග්‍රාමීය ව්‍යවසාය හා ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම සංවර්ධනය හා ධාරිතා සංවර්ධනය හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වඩාත් පුළුල් ප්‍රවේශයකින් යුතුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි සෞභාග්‍ය සංවර්ධන කාර්‌යාංශයේ ව්‍යුහය, විෂය පථය සහ කාර්ය භාරය ප්‍රතිව්‍යුහගත කර, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ලෙස නම් කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සර්ව බල ගැන්වීම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *