ගංවතුරෙන් දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියයි

දුම්රිය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සංඥා පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පැවසුවේ.

ඒ අනුව ප්‍රධාන, වෙරළබඩ සහ පුත්තලම මාර්ගයේ ස්ථාන කිහිපයක සංඥා පද්ධතියේ දෝෂ සටහන් විය.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් දුම්රිය ප්‍රමාද විය හැකි බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ පැවසුවේ ස්ථාන රැසක ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ගංවතුරට ගසාගෙන යාම නිසා කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය වග දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *