ගංවතුරින් රටපුරා 17 ක් මරුට

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 ක්  මියගොස් 13 ක්  තුවාල ලබා එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක  පවුල් 41 610 කට අයත් 161 290 ක් පීඩාවට පත්ව සිටිති.

ඉන් නිවාස 3381කට අර්ධ හානි සිදුව තවත් නිවාස 17කට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට  ආරක්ෂිත ස්ථාන 123 ක පවුල් 1888 කට අයත් 8212 ක් රඳවා තබා ඇතැයිද එම  මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *