කෝප් කමිටුව රියැලටි ෂෝ එකක්

කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් යැයි ද ඊට තීන්දු ගන්න බලයක් නැතැයි ද පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අවුරුදු අටක් තිස්සේ හරකෙක් ගේන්න ප්ලෑන් කරනවා.මේ පාරම්පරික ගතානුගතික පරණ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉවත් කරන්න.එහෙම නැතිනම් හැමදාම විවාද කර කර ඉන්න වෙනවා.වැඩිපුරම මාධ්‍ය සංදර්ශන තියෙන්නේ කෝප් කමිටුවේ. ඉතිහාසයේ ඉඳන් එහෙමයි. රාජ්‍ය නිලධාරීන් ගේනවා. ප්‍රශ්න අහනවා.

නිලධාරීන් අපහසුතාවයට පත් කරනවා.දේශපාලකයන් කණ්ඩායමක් එකතු වෙලා දෙන්නම් වැඩේ කියලා නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා.පරීක්ෂණයක් කරනවා නම් ඒ ආකාරයට පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරන මුවාවෙන් නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා යැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *