කෝටි 10ක රන් භාණ්ඩ ගුවන්තොටෙන් හමුවෙයි

ඊයේ(19) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු සතුව තිබී ස්වර්ණාභරණ කිලෝ 5ක් පමණ හමුවී තිබේ.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ එම පුද්ගලයින් දෙදෙනාව ග්‍රීන් චැනල් පර්යන්තයේදී හඳුනාගෙන පසුව ඔවුන්ව පරීක්ෂා කර එම රන් භාණ්ඩ සොයාගත් බවය.

එහි වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වූ බව සඳහන් ය.

එම මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *