කෝටි දෙකක කහ තොගයට මුද්‍රා තියයි

විදේශ රටකට අපනයනය කිරීම සඳහා කහ ආශ්‍රිත රූපලාවන්‍ය දියරයක් නිෂ්පාදනය කිරීමට ගෙනවිත් කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුළ ගබඩා කර තිබූ වසරකට පමණ පෙර කල් ඉකුත් වූ බව පැවසෙන කහ ටොන් හැත්තෑ අටකට  මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මුද්‍රා තැබූ කහ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව පැවසේ. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට  ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරිය හා එක්ව මෙම වැටලීම සිදු කෙරිණි.

කොරෝනා සමයේදී මෙරටට ආනයනය කොට විධිමත් ලෙස නිදහස් නොකිරීම නිසා කල් ඉකුත්ව  රේගුවේ අපහරණ අංශය භාරයේ තිබූ කහ බහාලුම් 16 කොටසක් නිදහස් කර දෙන ලෙසට පන්නිපිටිය අතුරුගිරිය පාර රුක්මල්ගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් ඉල්ලීමක් කර තිබු බව පැවසේ.

ඒ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ කහ තොගය තෙල් නිස්සාරණය කිරීම සඳහා නිදහස් කිරීමට අවසර ලබාදී තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *