කහතුඩුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය අද සිදුකළ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයා ගැනීමට හැකිවිය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ එම වැටලීමේ දී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 500ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගත් පිරිස අතරට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අයත්ය.